යහපාලන FCID දඩයම් ගුහාව වසා දැමේ! සියලු පැමිණිලි නිත්‍යානුකූල CIDයට!

January 9, 2020 at 2:46 pm | by emanisa.lk

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය (FCID) නීත්‍යනුකූල ආයතනයක් නොවන නිසා එය අහෝසි කිරීමට තීරණය කර ඇතැයි රජයේ මාධ්‍ය ප්‍රකාශක රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

මේ නිසා එම ආයතනයට ලැබී තිබෙන පැමිණිලි සියල්ල පිළිබඳ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID)පවරන බවත්, වර්තමාන ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක කරනු ලබන්නේ නීත්‍යනුකූල ආයතන පමණක් බවත් ඔහු පවසා සිටියේය.

ඊයේ (08) පැවැති රාජ්‍ය මාධ්‍ය ප්‍රකාශකවරුන්ගේ මාධ්‍ය සාකච්ඡාවේදී මේ බව කී මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය තුළ සිදුවූයේ රනිල් වික්‍රමසිංහ ඇතුළු කණ්ඩායමක් තීරණය කළ ආකාරයට නඩු පැවරීම බවයි.

එහෙත් මේ වනවිට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිලි නොලැබෙන බවත්, රටේ නීතියට අනුව ස්ථාපිත කර තිබෙන පොලීසියට, අල්ලස් කොමිසමට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ හැකි බවත් ඔහු පවසා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස