යහපාලන දඩයම් ගුහාව FCID විසිරුවයි! නිලධාරීන් කොළඹ පොලිස් ස්ථානවලට යවයි!

December 19, 2019 at 10:44 am | by emanisa.lk

ආන්දෝලනයට තුඩුදුන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය (FCID) විසුරුවා හරිමින් එහි රාජකාරි කළ නිලධාරීන් හතළිස් දෙදෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ (18 ) සිට වෙනත් පොලිස් ස්ථාන වෙත මාරුකර යවා තිබේ.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසුරුවා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ඒකකයක් ලෙස ස්ථාපිත කිරීමේ රජයේ වැඩපිළිවෙළට අනුව මෙම ස්ථාන මාරු කිරීම් සිදුව ඇතැයි පොලිස් මූලස්ථානයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මහජන පැමිණිලි භාර ගැනීමකින් තොරව දේශපාලන න්‍යාය පත‍්‍ර අනුව විමර්ශන සිදු කළ බවට පසුගිය කාලයේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට බරපතළ චෝදනා එල්ල වෙමින් තිබිණි. ඒ සඳහා එවක විපක්ෂය විසින් හෝ ආණ්ඩුවේ නොවන පාර්ශව විසින් ගොනු කළ කිසිදු පැමිණිල්ලක් භාර ගැනුණේ නැත.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ විමර්ශන සඳහා ලිපි ගොනු සකස් කෙරුණේ අරලියගහ මන්දිරයේදී බවට ද විවිධ පාර්ශ්ව විසින් චෝදනා කරනු ලැබිණි.

ස්ථාන මාරු කරන ලද මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් 42 දෙනා කොළඹ ප‍්‍රදේශයේ පොලිසිවලට අනුයුක්ත කර ඇතැයිද වාර්තා වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස