යහපාලන ආණ්ඩුව කොටි සිරකරුවන් 50%ක් නිදහස් කළා! – මනෝ

November 10, 2020 at 7:41 am | by emanisa.lk

යහපාලන ආණ්ඩුව සමයේ මෙ රට දේශපාලන සිරකරුවන් 200ක් අතරින් 100ක් නිදහස් කරගත හැකි වූ සමගි ජනබලවේග පාර්ලිමෙින්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසයි.

“යහපාලන ආණ්ඩුව කාලයේදි දෙමළ ජනතාවගේ සියලු ඉල්ලීම් ඉටු කළ නොහැකි වුවත් යම්තාක් දුරකට එම ඉල්ලීම් ඉටු කළා. උතුරු නැගෙනහිර ඉඩම් නිදහස් කළා. අපගේ ආණ්ඩු කාලය ආරම්භයේදි දේශපාලන සිරකරුවන් 200 ක් පමණ සිටියා. නමුත් ආණ්ඩු කාලය අවසන්වන විට නිදහස් කිරීමට සිටියේ සිරකරුවන් 100 ආසන්න දෙනෙක් පමණයි.

දෙමළ ප‍්‍රගතිශීලි සන්ධානය පමණක් නොවෙයි. දෙමළ ජාතික සන්ධානය පවා එවක ආණ්ඩුවට විශාල සහයෝගයක් ලබාදෙමින් කටයුතු කළා. අප සියලූ දෙනාටම එම ජයග‍්‍රහණ හිමි වෙනවා. ඒ නිසා පැවති අපේ ආණ්ඩුව හොඳයි කියල මම කියන්නේ නැහැ. නමුත් වත්මන් ආණ්ඩුව ඊටත් වඩා නරකයි. භායනකයි.

වතුකම්කරුවන්ගේ දෛනික වැටුප 1000 කළ යුතු බවට යෝජනා කළේ ලංකා කම්කරු කොංග‍්‍රසයි. වතු කම්කරුවන්ට රුපියල් දාහක් නොවෙයි දෙදහක් දෙනවා නම් අපි කැමැතියි. විශේෂයෙන් වත්මන් ජනාධිපතිවරයාගේ මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයයේ මේ බව සදහන් වුණා. දැන් අපි ආණ්ඩුවේ නැහැ. දැන් ආණ්ඩුවේ සිටින ලංකා කම්කරු කොංග‍්‍රසය මේ පොරොන්දුව ඉෂ්ට කරන්න ඕන.

මම ආණ්ඩුවට එකතුවන බවට ඇතැමුන් පවසමින් සිටිනවා. එවැනි කිසිම අරමුණක් අප පක්ෂයට නැහැ. සමගි ජනබවේගයේ ශක්තිමත් සාමාජික පක්ෂයක් ලෙස අප කටයුතු කරනවා. නායක සජීත් පේ‍්‍රමදාස මහතා අපට විශ්වාසයි.

ආණ්ඩුව විශයෙන් දෙමළ ජනතාව වෙනුවෙන් ලබාදෙන විසදුම කුමක්ද කියා අපට පැහැදිලව ප‍්‍රකාශ කළ යුතුයි. එවැනි පැහැදිලි කිරීමක් කරන්නේ නම් , විසදුමක් ලබා දෙන්නේ නම් අපට ආණ්ඩුවට එක්ව සහයෝගය ලබාදීමේ අවශ්‍යතාවයක් නැහැ. මම ආණ්ඩුවට යෑමේ අවශ්‍යතාවයකුත් නැහැ. විපක්ෂයේ සිට වුවත් ආණ්ඩුවට සහාය ලබාදෙන්න පුලූවන්. රටට යහපතක් වන කරුණු වෙනුවෙන් සහාය ලබාදීමේ ගැටලූවක් නැහැ.

අප ඉල්ලන විසඳුම වන්නේ සමානාත්මතාවයයි. එවැනි විසදුමක් ලබාදෙන්නේ නම් මනෝ ගනේෂන් ආණ්ඩුවට යෑමේ අවශ්‍යතාවක් නැහැ. එවැනි විසදුමක් ලැබුණේ නම් මනෝ ගනේෂන්ට දේශපාලනයේ රැදී සිටීමේ අවශ්‍යතාවයකුත් නැහැ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස