ඡන්දෙ ගන්න එක එක කතා කියනවා තමයි! මෛත්‍රීට උප අගමැතිකමක් දෙන්න හිතලවත් නෑ! – ගාමිණී ලොකුගේ

August 24, 2020 at 9:05 am | by emanisa.lk

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට නියෝජ්‍ය අග්‍රාමාත්‍ය තනතුරක් ලබාදීම සඳහා එකඟතාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ නොමැති බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසයි.

“ඒක ඒ පක්ෂෙන් අහලා බලන්න ඕනෙ. අපේ පක්ෂෙන් නම් තවම එහෙම එකක් නෑ. මේවා ඉතිං ඡන්ද කාලෙත් කිව්වානෙ අරයාට අර ඇමතිකම දෙනවා, අධිකරණ ඇමතිකම දෙනවා, අරයට අර ඇමතිකම හම්බුවෙනවා කියලා. ඡන්ද ගත්තනෙ, දැන් හම්බු නොවුණාමනෙ ප්‍රශ්නෙ මතුවෙලා තියෙන්නෙ. ඡන්ද කාලෙ එක එක්කෙනා ඡන්දෙ ගන්න විවිධ කතන්දර කියනවා.”

ගාමිණී ලොකුගේ මේ බව පැවසුවේ ඊයේ (23) මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස