අභියෝගය ජයගත්තා! අග්‍රඵලය ඉදිරියටයි! – මෛත්‍රීගෙන් තවත් පිම්මක් ගැන ඉඟියක්….

August 14, 2020 at 12:03 am | by emanisa.lk

වෙහෙසකර අභියෝගයක් සාර්ථක ලෙස ජයගත් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසයි.

එසේම එවැනි ජයග්‍රහණයක අග්‍ර ඵලය ලබන්නට ටික කලක් නිහඬව බලා සිටිය යුතු බව ද ඔහු පවසයි.

පසුගිය මහා මැතිවරණයේ දී පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැඩිම මනාපලාභියා බවට පත්වෙමින් ජයගත් මෛත්‍රීපාල සිරිසේන කිසිදු ඇමති ධුරයක දිවුරුම් දුන්නේ නැත.

කඩිනම් සිදුවන ව්‍යවස්ථා සංශෝධනයක් සමග මෛත්‍රීපාල සිරිසේනට උප අගමැති ධුරයක් හිමි වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ඔහු තබා ඇති සටහන මෙසේය.

“වෙහෙසකර අභියෝගයක් සාර්ථකව ජය ගත් පසු එහි අග්‍ර ඵලය ලබන්න නිහඬව ටික කලක් බලා සිටිය යුතුයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස