මේ රටට වැඩිම විනාශයක් කළේ උගත්තු තමයි! රනිල්ලා රවීලා වගේ මහ බැංකු හොරුත් උගත්තු තමයි! – විමල්

February 12, 2020 at 10:05 am | by emanisa.lk

රටට වැඩියෙන්ම හානිකර ඇත්තේ අධ්‍යාපන සුදුසුකම් වැඩියෙන්ම තිබුණු අය බවත් අධ්‍යාපන සුදුසුකම් අඩු අය රටට කළ හානිය අඩු බවත් අමාත්‍ය විමල් වීරවංශ පවසයි.

“රනිල් වික්‍රමසිංහ කියන්නෙ කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක්. මහබැංකු බැඳුම්කර වංචාවෙ නම්බර් වන්. රවී කරුණානායක කියන්නෙ ගණකාධිකාරීවරයෙක්. ඔහුත් මහබැංකු හොරකමේ එක චූදිතයෙක්.

ඊළඟට …. ඔය ගොඩක් අය, බොහෝ අය … ඒ කියන්නෙ ලංකාවෙ ඔය කොලිෆිකේශන් තියන අය තමයි වැඩියෙන්ම ලංකාවට හානි කරලා තියෙන්නෙ. කොලිෆිකේශන් අඩු අය ලංකාවට කරලා තියෙන්නෙ අඩු හානියක්. කෙනෙක් විද්වතෙක් වෙන්නෙ සහතිකවලින්ම නෙවෙයි”

විමල් වීරවංශ මේ බව පැවසුවේ ඊයේ (11) රත්නපුර ප්‍රදේශයේදී මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස