මෙවර නීතිය අකුරට ම ක්‍රියාත්මකයි! බදියුදීන්ට නවාතැන් දුන් යුවළත් අත්අඩංගුවට!

October 19, 2020 at 11:54 am | by emanisa.lk

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට නවාතැන් දුන් වෛද්‍යවරයෙකු සහ ඔහුගේ බිරිඳ ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

දෙහිවල ප්‍රදේශයේ ඉබෙන්සර් පෙදෙසෙහි සුපිරි මහල් නිවාසයක සැඟව සිටිය දී බදියුදීන් අද උදෑසන 3.003.30ත් අතර අත්අඩංගුවට පත්විය.

මෙම නිවාස හිමි වෛද්‍යවරයා බදියුදීන්ගේ සමීපතමයෙකු ලෙස හඳුනා ගෙන තිබේ.

මොහු දෙහිවල නිවසට පැමිණීමට ප්‍රථම සැඟව සිටි ස්ථාන පිළිබඳ මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ අරඹා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස