මෙවර ඡන්දපොළට නොගිය ලක්ෂ 48 යූඇන්පි කඳවුරේ! රෝහිණී

August 24, 2020 at 3:41 pm | by emanisa.lk

මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්දපොළට නොගිය ලක්ෂ 48 ක ජනතාවගෙන් බහුතරය එක්සත් ජාතික පක්ෂයට හිතවාදී පිරිසක් බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත‍්‍රීනි රෝහිණී කවිරත්න පවසයි.

එක්සත් ජාතික පක්ෂය දෙකඩ වීම නිසා කලකිරුණු පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමට ගොස් නැති බවත් මෙම ප්‍රතිඵලය ලැබීමට එය හේතුවක් වූ බවත් ඇය සඳහන් කරයි.

එමෙන්ම කොරෝනා අර්බුදයද මීට බලපෑ බව පැවසූ ඇය මාස දෙක හමාරක් වැනි කලකින් ඡන්ද ලක්ෂ විසි හතක් ගැනීමට හැකි වු බවද කියා සිටියි.

මෙම ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් දීමේ ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටින ලෙස ද ඇය ජනතාවට අනතුරු ඇඟවූවාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස