මුහුදට බිලි වූ වෙරළ ව්‍යාපෘතිය පාඨලීගේ මෙගාපොලිස් වැඩක්! වැය කළ මුදල රු. මිලියන 890යි!

May 31, 2020 at 3:27 pm | by emanisa.lk

කළුතර කැලිඩෝ වෙරළ තීරය, ගල්කිස්ස හා අඟුලාන ඇතුළු තවත් වෙරළ තීර වැලි පොම්ප කර සංරක්ෂණය කිරීම පසුගිය ආණ්ඩුවේ මෙගාපොලිස් ව්‍යාපෘතිය හරහා සිදුවූවකි.

කෙසේ වෙතත්, එම ව්‍යාපෘතිය වෙරළ තීරය ආරක්ෂා කර ගැනීම සඳහා වූ යහපත් අරමුණින් කළ ව්‍යාපෘතියක් බව ද කිවයුතුය. සංචාරක කලාපවල වෙරළ තීර මුහුදු ඛාදනයෙන් ආරක්ෂා කිරීම ගල් දැමීම හරහා නොව, වැලි පිරවීම හරහා කිරීම නවතම ක්‍රමයයි.

ඒ හරහා වෙරළ තීරය භාවිතයට ගත හැකි වේ. එහෙත් වාරගම් කාලයේ ⁣එසේ ගොඩ කළ තීරයෙන් කුඩා කොටසක් දැන් කැඩී ගොස් ඇත. ස්වභාවික වෙරළ තීර ද දවසෙන් දෙකෙන් කැඩී යන පරිදි ම මෙම කොටස කැඩී යාම මහ දෙයක් නොවේ.

එමගින් සමස්ත ව්‍යාපෘතිය ගැනද තක්සේරු කළ නොහැකිය. අප වෙරළ තීරය ආරක්ෂා කරගත යුතු බව අමුතුවෙන් කිව යුතු නැත. කෙසේ වෙතත්, පසුගිය ආණ්ඩුවේ එජාප/ජවිප පිරිස් ම මෙම ව්‍යාපෘතිය ගෝඨාභය ආණ්ඩුවේ වැඩක් බව කියමින් කටයුතු කිරීම නම් දෛවයේ සරදමකි.

Mahinda Pathiran FB

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස