මුස්ලිම් ළමා විවාහ තහනම් කරන නීති බලාත්මක කරනවා…! අන්තවාදයට ඔක්සිජන් නොදී අවෛරයෙන් වෛරය ජයගමු…..! – ඇමැති සබ්‍රි..

January 7, 2021 at 8:54 am | by emanisa.lk

මුස්ලිම් ළමා විවාහ නතර කරලීමට සහ අවුරුදු 18 අවම විවාහ වයස ලෙස නීතිගත කිරීමට කටයුතු කරමින් සිටින බව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි පවසයි.

දෙවන ලෝක යුද්ධයෙන් පසු ජපානය කොන් වී සිටින පසුබිමක නිර්මල බුදු දහමේ එන “වෛරයෙන් වෛරය නොසන්සිඳේ! අවෛරයෙන් ම වෛරය සංසිඳේ” යන ආස්ථානයේ පිහිටා ලංකාව ඊට මැදිහත් වීම ජපාන පුනරුදයේ හැරවුම් ලක්ෂයක් වූ බව ද ඇමැති සබ්‍රි සඳහන් කළේ ය.

එහෙත් එම ආදරය, කරුණාව, මෛත්‍රිය පදනම් කරගත් ගුණදම් අද අප සමාජයේ පවතින්නේ දැයි හෙතෙම ප්‍රශ්න කළේ ය.

1983 කළු ජූලිය කොටි සංවිධානයට ඔක්සිජන් සැපයූ ආකාරයට ම සහරාන් වැනි සාහසික ම්ලේච්ඡ ත්‍රස්තවාදීන්ට ඔක්සිජන් සැපයූවේ අලුත්ගම දිගන වැනි සිද්ධි බව ද ඇමැතිවරයා සිහිපත් කළේ ය.

සැක බිය බෙදීම වෙනුවට ආදරය කරුණාව මෛත්‍රීය සමාජයට බෝ කිරීමට කාලය එළඹ ඇතැයි ද නො එසේ නම් අපට අනාගතයේ පසුතැවීමට සිදුවනු ඇතැයි ද ඔහු අවධාරණය කළේ ය.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු අපරාධකරුවන් සොයා දඬුවම් ලබා දිය යුතු බවත් රටේ මුස්ලිම් අන්තවාදයක් මතු වූ බවත් එවැනි තත්ත්වයක් නැවත ඇති නොවීමට මුස්ලිම් ප්‍රජාව දිනාගැනීමේ වගකීමක් ඇති බවත් ඇමැති සබ්‍රි ප්‍රකාශ කළේ ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස