අනාගත සහරාන්ලා බිහි නොවන්න රටට එකම නීති පද්ධතියක් ඇති කරන්න! – අධිකරණ ඇමති සබ්‍රිට අභයතිස්ස හිමි කියයි..

August 18, 2020 at 11:34 am | by emanisa.lk

මෙරට අධිකරණ අමාත්‍යධූරය අලී සබ්රිට ජනාධිපති ගොඨාභය රාජපක්ෂ විසින් පවරන්නේ  මහ ජනයා තුළ විශාල විරෝධයක් පවතින තත්ත්වයක් මැද බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.

මෙරට සියලු දෙනාට එකම පාසල් පද්ධතියක් එකම නීතියක් ඇතිවන්නේ නම් එය අනාගතයේ සහරාන්ලා බිහි නොවන්නට හොඳම පියවර යැයි ද උන්වහන්සේ පවසති.

මුස්ලිම් ජනතාවට එල්ල වී ඇති ‘සහරාන්’ බෝඩ් එක ගලවා දැමීම නව අධිකරණ ඇමතිගේ වගකීමක් යැයි ද උන්වහන්සේ කියා සිටියහ.

උන්වහන්සේ මෙම අදහස්  ඵල කළේ අලි සබ්රි අධිකරණ ඇමති ධූරයේ වැඩ බාර ගැනීමේ අවස්ථාව සඳහා එක්වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස