අලුත් ව්‍යවස්ථාව හදන එක රටේ අභ්‍යන්තර වැඩක්! 13 ගැන විශේෂ සැලකිල්ලක් නෑ! – සබ්‍රි

October 1, 2020 at 5:51 am | by emanisa.lk

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය හෝ ඉන්දු ලංකා ගිවිසුම පිළිබඳව වෙනසක් සිදුනොකරන බව අධිකරණ ඇමැති සබ්රි සඳහන් කරයි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම රටේ අභ්‍යන්තර කටයුත්තක් යයි ද පවසන ඔහු 13 වෙනි සංශෝධනය ගැන අනවශ්‍ය සැලකිලිමත් වීමක් නැති බවද පවසයි.

මෙරට නීති ක්‍රියාවලියේ දී සිදුවන කාලය නාස්ති වීමට විසඳුම් ලබා දීමේ අරමුණින්  නීති පද්ධතියේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා අවශ්‍ය උපාය මාර්ග ගැන සලකා බලමින් සිටින බව ද සඳහන් කළේය.

රූපවාහිනී නාලිකාවක් සමග පැවති සාකච්ඡාවක දී ඔහු මෙම අදහස් පළ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස

මුල් පුවරුව