මුස්ලිම් මෘතදේහ භූමදාන ගැටළුව නිමයි! වගකීම මාලදිවයින භාර ගනී!

December 12, 2020 at 9:11 am | by emanisa.lk

කොරෝනා රෝගය නිසා මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මෘතදේහ භූමදාන කිරීමේ ප්‍රශ්නයට විසඳුමක් ලැබී ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.

මෙ රට කොරෝනා ‍රෝගයෙන් මියයන තැනැත්තන්ගේ මෘතදේහ භූමදාන කිරීමට තම රජය සූදානම් බව මාලදිවයින් ආණ්ඩුව ශ්‍රී ලංකා රජයට නිල වශයෙන් දැනුම්දීමත් සමඟ ප්‍රශ්නය නිරාකරණය වෙමින් ඇතැයි වාර්තා වෙයි.

ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගයෙන් මරණයට පත්වන මුස්ලිම් ජාතිකයන්ගේ මෘතදේහ භූමදානයට රජය මේ දක්වා අවසර ලබාදී නැත. එහෙත් ඒ සම්බන්ධයෙන් මුස්ලිම් සමාජය බරපතළ විරෝධයක් ප්‍රකාශ කළේය. මේ ගැන අධිකරණ අමාත්‍ය අලි සබ්‍රිට එල්ල වූ බලපෑම් නිසා වරෙක ඔහු තනතුරින් ඉල්ලා අස්වීමට පවා උත්සාහ දරා තිබිණි.

පසුව මුස්ලිම් ජනතාව බහුලව වසන ප්‍රදේශවල තැනැත්තන් පී.සී.ආර්. පරීක්ෂණවලට පෙනී සිටීම ප්‍රතික්ෂේප කිරීමෙන් ගැටලුව තවත් ව්‍යාකූල විය. ඒ නිසා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සිදුවූ අදහස් හුවමාරුවකින් පසුව මුස්ලිම් මෘතදේහ භූමදානයට මාලදිවයින කැමැත්ත පළකළේය.

යුරෝපා සංගමය හා ජගත් මානව හිමිකම් කොමිසම ද මුස්ලිම් ජනයාගේ මරණ භූමදාන ගැටලුව ගැන රජයෙන් ප්‍රශ්න කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *