අගෝස්තු 11 පොහොට්ටුව සමුළුව මන්ත්‍රීවරුන්ට සීමා වෙයි!

August 3, 2019 at 12:30 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින් 11 වැනි දා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිත මංගල මහා සමුළුව සඳහා සහභාගී වීම මන්ත්‍රීවරුන්ට පමණක් සීමා කර තිබේ.

ඊට හේතු වී ඇත්තේ සුගතදාස ක්‍රීඩා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ ආසන 5000 ක ප්‍රමාණයක් පමණක් වීමයි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ් පලාත් පාලන, පළාත් සභා හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී එකතුවම 5000න් පමණ වන නිසා මෙම තීන්දුව ගෙන ඇත.

මෙම සමුළුවේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකත්වය මහින්ද රාජපක්ෂට පිරිනැමීමට නියමිතය.

ඔහු විසින් ඉන් අනතුරුව මීළඟ ජනාධිපති අපේක්ෂකයා හෙළි කිරීමටද නියමිතව තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස