මැකො ඡන්දය පවත්වන්න හිත හදා ගනී! ඡන්ද පත්‍රිකා මුද්‍රණයට සූදානම්!

May 28, 2020 at 11:32 pm | by emanisa.lk

මහ මැතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව රජයේ මුද්‍රණාලයාධිපතිනියට අද (28) දැනුම් දී ඇත.

මහ මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොණු කර ඇති පෙත්සම් පිළිබඳ තීන්දුව ලැබුණු විගස ඡන්දය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කෙරෙන බැවින් ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අවශ්‍ය කටයුතු සැලසුම් කරගන්නැයි ද මැතිවරණ කොමිෂන් සභාව රජයේ මුද්‍රණාලයට දැනුම් දී තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොණු කර ඇති පෙත්සම් පිළිබඳ තීන්දුව ලැබුණු විගස මැතිවරණ දිනය ප්‍රකාශයට පත්කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.

මේ අතර රජයේ මුද්‍රණාල ආරංචි මාර්ග පවසන්නේ කොමිසම දැනුම් දෙන ඕනෑම අවස්ථාවක ඡන්ද පත්‍රිකා මුද්‍රණයට සූදානම් බවය. මෙවර ඡන්ද පත්‍රිකාවල වෙනස්කම් රැසක් කිරීමට ද කොරෝනා වසංගත තත්ත්වය පිළිබඳ ඡන්ද දායකයා දැනුම්වත් කරන උපදෙස් ද ඊට ඇතුළත් කිරීමට ද සැලසුම් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස