මා එදා පෙන්වා දුන් අනතුර සත්‍යයක් වීම පිළිබඳ කනගාටුයි! ජනතාව ඉවසීමෙන් කටයුතු කළ යුතුයි! මට දැන් මහන්සියි! – නිදහස ලද ඥානසාර හිමි මුල් වරට මාධ්‍යයට කියයි (video)

May 23, 2019 at 8:09 pm | by admin

රට මුහුණ පෑ අර්බුදයට එරෙහිව කාලයක් තිස්සේ අදහස් ප්‍රකාශ කිරීම නිසා තමන් විශාල නින්දාවකට ලක් වුවද අවසානයේ තමන් පැවසූ සියල්ල සත්‍යයක් වූ බව නිදහස ලබා විහාරස්ථානයට වැඩම කළ ගලගොඩඅත්තේ ඥානසාර හිමි ප්‍රකාශ කරයි.

ඒ ආකාරයට තමන් එදා කී දෑ සත්‍යයක් වීම පිළිබඳ ඇත්තේ විශාල වේදනාවක් බවත් ඉදිරියේදී ඉවසීමෙන් කටයුතු කළ යුතු බවත් අවධාරණය කළේය.

මෙතෙක් රට වෙළාගනිමින් පවතින අන්තවාදය පිළිබඳ දූරදර්ශීව කටයුතු කළ ද මේ වන විට තමන් දැඩි වෙහෙසට පත්ව ඇති බව ද ඉදිරියේදී බණක් භාවනාවක් කරගෙන ශාසනික ජීවිතයක් ගත කිරීමට අදහස් කරන බවත් සඳහන් කළේය.

භික්ෂුවක් ලෙස තමන් සිංහලයාට කළ යුතු යුතුකම් කර ඇති බවත් ජීවිතය පූජා කිරීමට වුව ද රටක් පැවතිය යුතු බවත් ගලගොඩඅත්තේ ඥාණසාර හිමි පැවසීය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස