ඥානසාර හිමිගේ බන්ධනාගාර වාර්තාව ජනපති කැඳවයි!

May 22, 2019 at 12:04 pm | by admin

වසර හයක සිරදඬුවම් විදින ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් අද (21) වාර්තාවක් කැඳවා ඇතැයි වාර්තා වේ.

මෙම රහසිගත වාර්තාව අද සවස් භාගය වනවිට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යවනු ඇතැයිද දැනගන්නට තිබේ.

එම වාර්තාවට අනුව ඥාණසාර හිමියන්ගේ සිරදඬුවම හා කාලය, දැනට ගෙවා ඇති කාලසීමාව සහ බන්ධනාගාරය තුළ හැසිරීම ඇතුළුව සමාලෝචන වාර්තාවක් මීට අයත් වී ඇතැයි ද සඳහන්වේ.

අධිකරණයට අපහස කිරීම ඇතුළුව චෝදනා 4 කට වරදකරුවීම හේතුවෙන් උන්වහන්සේ වසර 19 ක සිරඳඬුවමක් වසර 6 කින් ගෙවීයන පරිදී නියමවුයේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස