මාස 4ක් ඇතුළත ලංකාවේ සේලයින් නිෂ්පාදනය අරඹනවා! අවුරුදු 5ක් ඇතුළත සියලු ඖෂධ මේ රටේම නිපදවනවා! – මහාචාර්ය චන්න

August 19, 2020 at 5:29 pm | by emanisa.lk

මෙම වසර අවසන් වීමට පෙර ශ්‍රී ලංකාවේ සේලයින් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමට කටයුතු කරන බව ඖෂධ නිෂ්පාදනය සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසයි.

අනුරාධපුර නොච්චියාගම නගරයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

“ශ්‍රී ලංකාව භාවිත කරන ඖෂධවලින් 90%ක්ම විදේශ රටවලින් ගේන ඒවා. ජනාධිපතිතුමා උපදෙස් දුන්නේ අවුරුදු 5කින් මේ රටට පිටරටින් ඖෂධ ගෙන ඒම නතර කරන්න.

ඒ වෙනුවෙන් අපි සැළසුම් සකස් කරගෙන යනවා..බැසිල් රාජපක්ෂ මහතා සමග ඊයේ පැවති රැස්වීමක දී අපි එකඟතාවයකට ආවා මේ අවුරුද්ද අවසන් වීමට ප්‍රථම මෙරටට අවශ්‍ය සේලයින් රට තුළම නිෂ්පාදනය කිරීමට කර්මාන්තශාලාවක් ආරම්භ කරන්න.

මේ වසර නිමවීමට පෙර එම කර්මාන්තශාලාවේ නිෂ්පාදන රටට ලබාදෙන්නත් කටයුතු කරනවා..” යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළේය.

එසේම පසුගිය රජය සමයේ පැවති ඖෂධ මාෆියාව මෙරටින් තුරන් කර ජනතාවට ප්‍රමිතියෙන් යුතු ඖෂධ සාධාරණ මිලකට ලබාදීමට කටයුතු කරනවා.

ඉදිරි සති කිහිපය තුළදී එහි ප්‍රතිඵල ජනතාවට භුක්ති විඳීමට හැකිවෙනවා.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස