මාර්ගවල නාම පුවරුවල දෙමළ මකයි! කඩාකප්පල්කාරී ක්‍රියාවක් දැයි සැකයක්!

November 22, 2019 at 4:01 pm | by emanisa.lk

පානදුර නගර සභා බල ප්‍රදේශයේ මාර්ග නාම පුවරු ගණනාවක දෙමළ අකුරු මකා දැමීමේ සිද්ධියක් වාර්තා වෙයි.

මේ පිළිබඳ හිටපු ඇමති මංගල සමරවීර ද සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් විවේචනය කර ඇති අතර ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය යුතු බව පවසා තිබේ.

මේ අතර ආණ්ඩු පාර්ශවයේ ප්‍රධානියකු අප සමග ප්‍රකාශ කළේ මෙය ගෝඨාභය රාජජපක්ෂ ජනාධිපති ධුරයට පත්වී දින කිහිපයක් තුළ ලබා ගත් අතිශය ජනප්‍රියභාවය විනාශ කිරීමට සිදු කළ කුමන්ත්‍රණකාරී ක්‍රියාවක් දැයි සැක කරන බවය.

මෙවැනි ක්‍රියා පිළිබඳ අවදියෙන් සිටින ලෙසත් ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය සමග රට ලැබු විජයග්‍රහණය අපකීර්තියට පත් කරන මෙවැනි ක්‍රියා සිදුකරන කණ්ඩායම් පිළිබඳ වහාම පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ වෙත දැනුම් දෙන ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස