ඩිෆෙන්ඩර් අනතුර ගැන බොරු පළකළ අය නීතිය හමුවට කැඳවීම ප්‍රකාශන නිදහසට බාධාවක්!

March 19, 2019 at 10:22 am | by admin

ඔහු ඒ වෙනුවෙන් “බොරැල්ල-ඩිෆෙන්ඩර් අනතුර: ෆේස්බුක්හි 178ක් පොලිසියට කැඳවීම “ප්‍රකාශනයේ නිදහසට බාධාවක්” යනුවෙන් ලිපියක් පළ කර ඇති අතර එහි දී නීතිවේදී සුදර්ශන ගුණවර්ධන පළ කළ අදහස් කිහිපයක් මෙසේය.

“සමාජ මාධ්‍යවල පළවුණු දේවල්වලින් පෙන්නේ අපේ රටේ නීතිය ක්‍රියාත්මක වීම ගැන ජනතාව තුළ තියෙන නොදැනුවත්කම සහ පවතින ක්‍රමය ගැන තියෙන අවිශ්වාසය.”

“යම් අපරාධයක් ගැන ෆේස්බුක් එකේ කරුණු දක්වන හැම දෙනා ම අපරාධයක තොරතුරු දන්න කෙනෙකු ලෙස ඉදිරිපත් කරන්න ගියොත් එතන ප්‍රශ්නයක් ඇති වෙනවා. පොලිසියට මේ සිදුවීමේදී සමාජ මාධ්‍යවලින් එල්ල වුණු චෝදනාවලට ප්‍රතික්‍රියා දැක්වීමක් ලෙසයි මෙම තත්ත්වය මම දකින්නේ,” නීතිවේදී සුදර්ශන ගුණවර්ධන කියා සිටියේය.

“පොලිසිය කියන්නේ ‘අපි මේක හරියට කරලා තියෙනවා. නමුත් අපිට අසාධාරණ ලෙස පහර ගහනවා. අපි දන්නවට වඩා ඕගොල්ලෝ දන්නව නම් ඇවිල්ලා කියන්න’ වගේ දෙයක්. නමුත් මම හිතන්නේ මෙවැනි අවස්ථාවක සමාජ මාධ්‍ය ජාලා හිමියන්ගෙන් ප්‍රශ්න කිරීමේ තත්ත්වයකට නොයනවා නම් හොඳයි.”

කෙසේ නමුත් සමාජ මාධ්‍ය නිසි ලෙස භාවිතය ගැන කතිකාවක් ඇති කර ගත යුතු බව පවසන ඔහු විශාල වශයෙන්, ඇතැම් විට සැලසුම්සහගත ලෙස පළ කරන ව්‍යාජ තොරතුරු නිසා ගැටලු රැසක් ඇති වෙන බව පැවසීය.

පසුගිය සමයේ අගමැතිවරයා සහ ආණ්ඩුවේ ප්‍රබලයන් මේ රටේ මාධ්‍යයට එරෙහිව විවිධ චෝදනා නැඟූ අතර ඒ කිසිම අවස්ථාවක මොහු මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී නොසිටීම විශේෂත්වයකි. මේ අවස්ථාවේ අදාළ අනතුර සිදු කළ ඩිෆෙන්ඩර් රථය පැදවූයේ ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේගේ පුතා බවට පිරිසක් සංවිධානාත්මකව අසත්‍ය තොරතුරු සමාජජාලාවල පළ කළ අතර සීසීටීවී දර්ශන මගින් ද එය අසත්‍යයක් බව තහවුරු වී තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *