උද්ඝෝෂණ මඩින්න ආණ්ඩුවෙන් අමුතු අවියක්! ඇඟේ ගෑවුණත් නඩු!

March 4, 2019 at 2:21 pm | by admin

ඉදිරියේදී කොළඹ නගරයේ පැවැත්වෙන උද්ඝෝෂණ මැඩලීම සඳහා ‍පොලිස් කාන්තාවන් යෙදවීමට ‍පොලිස් දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබේ. ඊට අදාළව මේ වන විට කැරලි මර්දන ඒකකය සමග එක්ව ‍පොලිස් නිලධාරිනියන් පුහුණු කරවීමේ කටයුතු සිදු කරමින් පවතින බව ‍පොලිස් ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව ඉදිරියේදී කොළඹ නගරයේ පැවැත්වෙන උද්ඝෝෂණ සඳහා අවස්ථානුකූලව ‍පොලිස් කතුන් යෙදවීම සිදු කෙරේ. එහිදී උද්ඝෝෂකයන් විසින් යම් හෙයකින් කාන්තාවක් ස්පර්ශ කළහොත් ඊට එරෙහිවද කාන්තා හිංසනය යටතේ නීතිය ක්‍රියාත්මක කෙරෙනු ඇත.

මෙය අත්හදා බැලීමක් වශයෙන් ඉකුත් 26 වෙනිදා පැවැති උසස් අධ්‍යාපන සිසුන්ගේ උද්ඝෝෂණයට ‍පොලිස් නිලධාරිනියන් 40 ක් පමණ යෙදවිය. එහිදී උද්ඝෝෂකයන් අනවශ්‍ය ගැටුම්වලට නොගොස් යහපත් ලෙස හැසිරුණ බවද ‍පොලීසියේ උසස් නිලධාරියෙක් ලක්බිම ට පැවැසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *