මර්වින්ගේ ඡන්දෙට කප්පම් ඉල්ලා ව්‍යාපාරිකයන්ට තර්ජන! මාලක පුතා අත්අඩංගුවට ගන්න විමර්ශන ඇරඹෙයි!

July 18, 2020 at 9:33 am | by emanisa.lk

තම පියාගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා මුදල් ඉල්ලා ව්‍යාපාරිකයෙකුට තර්ජනය කළ බවට චෝදනා එල්ල වී ඇති හිටපු අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා අත්අඩංගුවට ගැනිමට තලංගම පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

මාලක සිල්වා විසින් කප්පම් ඉල්ලා තර්ජනය කිරීම සම්බන්ධව තලංගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නලින්ද දිල්රුක්ෂට ලද පැමිණිල්ලකට අනුව බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් මත මේ පිළිබද පරීක්ෂණ ඇරඹි ඇත.

ඉකුත් ජුනි මාසයේ සිට සදුන් මාලින්ද තේනුවර නැමති ආනයන ව්‍යාපාර කටයුතුවල නිරත ව්‍යාපාරිකයෙකුට දුරකතන ඇමතුම් හා එස් එම් එස් පණිවුඩ එවමින් තර්ජනය කර ඇතැයි පොලිසියට කරුණු වාර්තා කර ඇත. තලංගම පොලිසිය මේ පිළිබද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට කරුනු වාර්තා කර තිබේ.

මාලක සිල්වාගේ මිත්‍රයෙකු විසින් මෙම ව්‍යාපාරිකයාට මර්වින් සිල්වාගේ ඡන්ද ව්‍යාපාරය සඳහා රුපියල් ලක්ෂයක් ගෙවන ලෙස ඉල්ලා සිටිය ද එය නොසලකා හැරි විට උරණ වී දිගින් දිගටම තර්ජන එල්ල කර ඇතැයි හෙලිවී තිබේ.

එම ව්‍යාපාරිකයාගේ ෆෙස්බුක් ගිණුමින් ඡායාරූපයක් ගෙන මොහු සොයා දෙන ලෙස දන්වා මාලක සිල්වා සිය ෆේස්බුක් ගිණුමේ පෝස්ටුවක් ද පලකර ඇති බව ද පැමිණිලිකරු පොලිසියට දන්වා ඇත.

අධිකරණයෙන් ලබා ගන්නා දුරකතන වාර්තා මත මරණ තර්ජන සිද්ධියට මාලක සිල්වා අත්අඩංගුවට ගැනිම විමර්ශන අරඹා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස