එජාපයේ කවුරුවත් ආණ්ඩුවට ගියොත් හතර හන්දි කඩනවා! – මර්වින්

June 20, 2020 at 8:10 am | by emanisa.lk

රනිල් වික්‍රමසිංහ කිසි දිනක රාජපක්ෂලා සමඟ ඩීල් දමා නැතිබව හිටපු අමාත්‍යවරයෙකු වන මර්විල් සිල්වා සඳහන් කරයි.

ඉදිරි මහා මැතිවරණයේ දී තමන්ව ජනතාව පාර්ලිමේන්තුවට තෝරා පත් කළහොත් එක්සත් ජාතික පක්ෂයේ සිට ආණ්ඩුවට යන ඕනෑම කෙනෙකුගේ හතර හංදි කඩන බවද ඔහු සඳහන් කරයි.

මහා මැතිවරණයෙන් පසු එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවට එකතු වීම සඳහා රාජපක්ෂලා හා රනිල් වික්‍රමසිංහ අතර එකඟතාවක් ඇති බවට තිබෙන රාවයට පිළිතුරු ලෙස ඔහු මෙම අදහස පළ කළේය.

එළැඹෙන මහා මැතිවරණයේ දී මර්විල් සිල්වා අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් තරග කිරීමට සුදානමින් සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස