මම කඩුයි කැතියි අතර වෙනසවත් දන්නේ නෑ! පල්ලිවලට කඩු ගෙනාවේ බිස්නස් එකකට! – හලීම්

December 14, 2020 at 8:19 pm | by emanisa.lk

පාස්කු ප්‍රහාරයට පසු පල්ලිවලින් කඩු හමු වීම පිළිබඳ මාධ්‍ය හමුවක දී විමසූ විට ඒවා තණකොළ කැපීමට ගෙන ආවේ යැයි තමා පිළිතුරු දුන්නේ පල්ලි අවට සුද්ද කිරීම සඳහා ගන්නා කැති සිහියේ තබා ගෙන බව හිටපු ඇමති M.H.A හලීම් පවසයි.

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ අද (14) සාක්ෂි දෙමින් හෙතෙම මේ බව පැවසුවේ ය.

සහරාන්ගේ සොහොයුරු රිල්වාන් සහ එම කණ්ඩායමේ මිල්හාන් එක්ව කඩු තොගයක් ආනයනය කර පල්ලිවලට බෙදා හැරීම සහ ඒ සම්බන්ධයෙන් කොළඹ ප්‍රදේශයේ පල්ලියක මවුලවිවරයෙකු අත්අඩංගුවට ගැනීම ඒ වන විට තමා නොදැන සිටියේ දැයි විමසූ විට හිටපු ඇමැති හලීම් සඳහන් කළේ එම කඩු ව්‍යාපාරික කටයුත්තක් සඳහා ගෙන්වා ඇති බව තමන්ට දැනගන්නට ලැබුණු බව ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස