මන්නාරමේ 05කට කොරෝනා! ගම් දෙකක් වසා දැමේ!

October 11, 2020 at 7:14 pm | by emanisa.lk

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා මන්නාරම දිස්ත්‍රික්කයේ පිහිටි පට්ටියතෝට්ටම් සහ පෙරියකඩේ ගම්මාන දෙක සම්පුර්ණයෙන් හුදෙකලා කිරීමට පියවර ගත් බවයි යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

මෙම ප්‍රදේශයේ රැකියා කිරීම සඳහා කිරිල්ලවල ප්‍රදේශයේ සිට ගොස් සිටි පුද්ගලයින් 05 දෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබුනේ ඊයේ දිනයේදී ලද PCR පරීක්ෂණ ප්‍රථිපල අනුවයි.

මේ අතර ඊයේ දිනයේදී කොවිඩ් වෛරසය ආසාදනය වූ රෝගීන් කිහිප දෙනෙකු වාර්තා වීම හේතුවෙන් මීරිගම නගරයට සංචරණ සීමා පැනවීමට පියවර ගත් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස