මඩු පල්ලියේ ආරක්ෂාවට STF 1000ක්! බැතිමතුන් ගමේ පල්ලිය සහතික කළ නාම ලේඛයක් රැගෙන එන්න!

August 10, 2019 at 10:25 am | by emanisa.lk

මන්නාරම මඩු දේවස්ථානයේ  වාර්ෂික මංගල්‍යයේ ආරක්ෂාව වෙනුවෙන්  පොලිසියේ, හා විශේෂ කාර්ය බලකායේ දහසකට අධික පිරිසක් යොදවා ඇති බව  පොලිස් මාධ්‍ය  ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

මඩු දේවස්ථානයේ  වාර්ෂික මංගල්‍යය මෙම මස 5 වැනි දිනෙන් ආරම්භ වු අතර එය  සිට 15 වැනි දින දක්වා පැවැත්වේ.

අවසන් දින වන  12,13,14,15 යන දින හතර තුළ බැතිමතුන් විශාල පිරිසක්  සහභාගි වීමට නියමිත බව ඒ මහතා කීය.

එම සියලූ බැතිමතුන්ගේ  ආරක්ෂාව  සහ රථවාහන හැසිරවීම වෙනුවෙන් මෙම පිරිස යොදවා ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා  සිටියේය.

පොලිසිය අමතරව හමුදාවේ භට කණ්ඩායම් ද යොදවා ඇති බවද රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.

වාහන වලින් බැතිමතුන් පැමිණෙන්නේ නම්   වාහන අංක, රියදුරුගේ නම ඇතුලූ පැමිණෙන අයගේ නම් සදහන් ලයිස්තුවක්  රැගෙන පැමිණෙන්නේනම් එය පරීක්ෂණ වලට පහසුවක් බව හෙතෙම දහන් කළේය.

එවැනි නම් ලයිස්තුවක්  රැගෙන පැමිණයත්  නැතත් සියලූ බැතිමතුන් පරීක්ෂා කර දේවස්ථාව භූමියට ඇතුළක් කර ගන්නා බවත් . එසේ නම් ලයිස්තුවක් රැගෙන එන්නේනම්    එවුන් පරීක්ෂා කරන  නිලධාරීන්ට පහසුවක් මෙන්ම  බැතිමතුන්ට ද පහසුවක් බව  හෙතෙම කීය.

එම රැගෙන එන ලයිස්තුව ඔවුන් අයත් දේවස්ථායෙන් සහතික කර ගන්නේනම්   එය ද පහසුවක් බවද රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස

මුල් පුවරුව