පැල්වත්ත සීනි කම්හලේ මුස්ලිම් සේවක රහසේ හමුවක්! සේවකයන් ඇවිළෙයි! උක් වගාවකින් ප්‍රභූ ආරක්ෂක ඇඳුම් වෝකි ටෝකි මතුවෙයි!

May 8, 2019 at 2:15 pm | by admin

ඊයේ (07) බුත්තල පැල්වත්ත සීනි කම්හලේ සේවය කරන මුස්ලිම් සේවකයන් 13 දෙනා පමණක් සහභාගී කරවා ගෙන එහි ප්‍රධාන විධායක නිලධාරී සුරත් ආම්ඩීන් රහස් සාකච්ඡාවක් පැවැත්වීම නිසා උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය.

මේ සමග සේවක පිරිස ප්‍රධාන විධායක නිලධාරියා නිල කාමරය තුළ සිරකළ අතර පොලිසියට ඔහු ඉවතට ගත නොහැකිව පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවීමට ද සිදුවිය. අනතුරුව විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව යටතේ අදාළ පුද්ගලයා ආයතන පරිශ්‍රයෙන් පිටතට රැගෙන ගියේ සේවකයන්ගේ දැඩි විරෝධය මැදය.

අනතුරුව පොලිසිය එම නිලධාරියාගේ නිවස පරික්ෂා කළ අතර එහි සිටි පුද්ගලයකුගෙන් ලද තොරතුරු අනුව උක් වගාවක තිබී ප්‍රභූ ආරක්ෂක නිල ඇඳුම් වෝකිටෝකි යන්ත්‍ර ඇතුළු භාණ්ඩ ගණනාවක් සොයා ගත්තේය.

පසුගියදා හිඟුරාන සීනි කම්හලේ කැති 300ක් හිටිහැටියේ අතුරුදන් වූ බව ඒවා අන්තවාදීන් අතට පත්වූයේ ද ඔවුන් ජිහාඩ් ප්‍රහාරයක් සඳහා සූදානම් වන්නේ ද යන්න පිළිබඳ පරීක්ෂණ කළ යුතු යැයි ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පැවසූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස