ධම්මික පැණිය පරික්ෂා කළ රෝහලේ වෛද්‍යවරයෙක් ඇතුළු 07කට කොරෝනා! – නලින් බණ්ඩාර

December 15, 2020 at 2:15 pm | by emanisa.lk

කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතා නිෂ්පාදනය කළ කොරෝනා නිවාරණ ඖෂධය සායනික පරික්ෂාවන් කළ බව කී වතුපිටිවල රොහලේ වෛද්‍යවරයෙක් ඇතුළු හත් දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර පවසයි.

ආයුර්වේදය රාවනා රජ සමයේ පටන් මෙරට පැවති බවත් ඒ පිළිබඳ තමන්ට විශාල ගෞරවයක් ඇති බවත් ඔහු අවධාරණය කළේ ය.

එහෙත් එම ශාස්ත්‍රය නිවැරදි ලෙස කළ යුතු බවත් සතියෙන් සතිය අලුත් පැණි ඉදිරිපත් කරමින් කටයුතු කිරීම වගකීම් විරහිත බවත් ඔහු සඳහන් කළේ ය.

මේ වන විට සුදර්ශනී පැණිය, රිටිගල පැණිය, ධම්මික පැණිය යනුවෙන් සතියකට වරක් එක එක ඩයල් මතු වී පැණි හඳුන්වා දෙන බවත් නලින් බණ්ඩාර පෙන්වා දුන්නේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *