ධම්මික බණ්ඩාර වෛද්‍යවරයෙක් නෙමෙයි! කොරෝනා හොඳ වුණත් ඔහුගේ බෙහෙත නීති විරෝධියි! – ජ්‍යෙෂ්ඨ පශ්චාත් උපාධි ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

December 4, 2020 at 2:42 pm | by emanisa.lk

දේශීය වෛද්‍ය ධම්මික බණ්ඩාර කොවිඩ් වෛරසය සඳහා නිෂ්පාදනය කළ දේශීය බෙහෙත් වට්ටෝරුව ආයුර්වේද දෙපාර්තමේන්තුවේ යෝග සංග්‍රාහ කමිටුවේ ලියාපදිංචි කළ එකක් නොවන බව ජ්‍යෙෂ්ඨ පශ්චාත් උපාධි ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති වෛද්‍ය චමල් ආර්. කුලතිලක පෙන්වා දෙන්නේ එලෙස ලියාපදිංචි නොකළ ඖෂධයක් පිළිගත නොහැකි බව ය.

එමෙන්ම දේශීය වෛද්‍ය ධම්මික බණ්ඩාර ආයුර්වේද දෙපාර්තමේන්තුවේ වෛද්‍යවරයකු ලෙස ලියාපදිංචි වී නොමැති බවත් එවැන්නෙකු මේ ආකාරයෙන් ඖෂධයක් නිෂ්පාදනය කර ප්‍රතිකාර සඳහා යොමු කිරීම ගැටලු සහගත බවත් හෙතෙම කීවේ ය.

යම් ඖෂධයක් නිෂ්පාදනය කිරීමට පෙර නිෂ්පාදනාගාරය සහ ඖෂධ වට්ටෝරුව ලියාපදිංචි කළ යුතු බැවින් එවැනි ක්‍රමවේද කිසිවක් අනුගමනය නොකර නීතිවිරෝධී ආකාරයෙන් මෙය නිෂ්පාදනය කර ඇති බවත් හෙතම සඳහන් කළේ ය.

මේ ආකාරයෙන් නීතිවිරෝධී ලෙස නිෂ්පාදනය කළ ඖෂධය හරහා ජනතාවට අහිතකර ප්‍රතිවිපාකයක් ඇති වුවහොත් ඒ සම්බන්ධව ආයුර්වේද වෛද්‍යවරුන් ලෙස වගකීම භාර ගැනීමට නොහැකි බවද ආර්. කුලතිලක අවධාරණය කරයි.

මෙම නිෂ්පාදනය දේශපාලන අධිකාරියේ වුවමනාව මත සිදුකළ හඳුන්වා දීමක් බව ද හෙතම වැඩිදුරටත් සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *