දේශීය කොරෝනා ඖෂධය බෙදා හැරීම නතර කරයි!

December 8, 2020 at 10:10 pm | by emanisa.lk

මේ වන විට සිදුවන පර්යේෂණවල ප්‍රතිඵල නිකුත් කර සෞඛ්‍ය අංශ ඒ සඳහා අනුමැතිය දෙන තුරු කොරෝනා වෛරසය සඳහා නිපද වූ දේශීය ඖෂධය බෙදා හැරීම නතර කර තිබේ.

අද (08) හවස කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය ඇතුළු බලධාරීන් ධම්මික බණ්ඩාර වෙද මහතා සමග සිදුකළ සාකච්ඡාවකින් පසුව මෙම තීන්දුව ගෙන තිබේ.

අද උදෑසන වෙද මහතාගේ නිවසේ දී මෙම ඖෂධය නොමිලේ ලබා දීමේ වැඩසටහනක් පැවති අතර නිරෝධායන නීති නොතකමින් විශාල පිරිසක් එහි රැස්ව සිටි ආකාරය දැකගත හැකි විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස