ධම්මික බණ්ඩාර අටමස්ථානාධිපති හිමිට අවමන් කළැයි GMOA කනස්සල්ලෙන්! පරීක්ෂණයක් ඉල්ලයි…

December 17, 2020 at 10:37 pm | by emanisa.lk

කෑගල්ලේ ධම්මික බණ්ඩාර විසින් අටමස්ථානාධිපති ස්වාමීන් වහන්සේට ආමන්ත්‍රණය කළ ආකාරය ඉතා කනගාටුදායක බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

ධම්මික බණ්ඩාර නිපද වූ ඖෂධ සම්බන්ධයෙන් මෙන්ම ඔහුගේ හැසිරීම ගැන ද පරීක්ෂණයක් සිදුකළ යුතු බවත් සංගමයේ සංස්කාරක වෛද්‍ය අලුත් සඳහන් කළේ ය.

අදාළ ඖෂධය ගැන පරීක්ෂාවක් සිදු වෙමින් පවතින අතරතුර ඔහුගේ හැසිරීම පිළිගත නොහැකි බවත් පැවසූ හරිත අලුත්ගේ එම සිදුවීමේ දී ජනතාවට ලබාදෙන පණිවිඩය සුබවාදී නැතැයිද පැවසීය.

දේශීයත්වය පිටුදැකීම සහ දේශීයත්වය පිළිගැනීම යන කාරණා දෙකම අන්තගාමී නොවන ලෙස කළයුතු බවත් ඔහු කියා සිටියේ ය.

කොළඹ දී අද (17) මාධ්‍ය අමතමින් ඔහු මේ බව සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස