තමා ජනාධිපති වූ පසු කාන්තාවන්ට සනීපාරක්ෂක තුවා නොමිලේ ලබා දෙන බවට ඇමති සජිත් ප්‍රේමාදස පසුගියදා ප්‍රකාශ කිරීම බොහෝ දෙනාගේ කතාබහට ලක්විය.
එය රටේ පවතින විශාල ප්‍රශ්නයක් බව හුවා දැක්වීමට සිය සමාජ මාධ්‍ය ගිණුම් යොදාගත් ඇමති මංගල සමරවීර අද ජනරැලියක දී එය විහිළුවට ගත්තේය.
සිය අතීත අත්දැකීම් සිහිපත් කරමින් සනිපාරක්ෂක තුවා පිළිබඳ ඇමතිවරයා කතා කළේ එජාප ඡන්දදායකයන්ගේ උණුසුම් ප්‍රතිචාර මැදය.