බොරුවට වැඩිය උඩ පනින්න එපා…! විපක්ෂ නායකකමයි පක්ෂයයි දෙක ම පවර ගන්නවා…! – ඩයනාගේ විනය බලන්න ගිය සජිත්ට දැඩි පිළිතුරු…

April 2, 2021 at 12:02 pm | by emanisa.lk

සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාව කඩ කළේ කුමන වගන්තිය යටතේ දැයි හැකි නම් දන්වා එවන ලෙස අභියෝග කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත ලිපියක් යොමු කර තිබේ.

තමන්ට එරෙහිව සමගි ජන බලවේගය විනය පරීක්ෂණයක් පවත්වන බවට යොමු කළ ලිපියට පිළිතුරු ලෙස මෙම ලිපිය යොමු කර තිබේ.

තමාට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීමට කිසිවෙකුට නොහැකි බවත් අවශ්‍ය නම් තමන්ට පක්ෂය නැවත පවරාගත හැකි බවත් ඩයනා ගමගේ එහි සඳහන් කර ඇත.

“ඉදිරියේදීද මෙවැනි විහිළු සහගත ලිපි හෝ විනය කරුණු යැයි සඳහන් මාතෘකා මා වෙත ලැබුණහොත් ලංකාවේ මාධ්‍ය වෙත අදාළ තොරතුරු ලබාදී මෙහි සත්‍යය රටට හෙළි කිරීම සිදු වන බවත් නෛතික තත්වයන් යටතේ අධිකරණය හමුවේ කරුණු දක්වාලීමට සිදු වන බවද අවධාරණය කර සිටිමි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස