රටේ ආර්ථිකය ගොඩදාන හැටි මම පෙන්වන්නම්! ගංජා වවලා රට පටවලා ණය ගෙවන්න! – ඩයනා ගමගේ

November 21, 2020 at 8:09 am | by emanisa.lk

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ජනතාවට ලබා දුන් පොහොර සහනාධාරය යහපාලන ආණ්ඩුව කපා දැමූ බව සමගි ජන බලවේග ජාතික ලැයිස්තු මන්ත්‍රිනි ඩයනා ගමගේ පවසයි.

ඊයේ (20) 2021 අයවැය විවාදයට එකතු වෙමින් මන්ත්‍රීවරිය මේ බව ප්‍රකාශ කළා ය.

ඊට පසු මුං ඇට, කවුපි පමණක් නොව ගම්මිරිස් පවා අධික කොමිස් මුදල් ලබා ගනිමින් පිට රටින් ගෙන එන තත්ත්වයක් උදා කිරීමට යහපාලන ආණ්ඩුව කටයුතු කළ යුතු බව ද ඇය අවධාරණය කළා ය.

ලංකාව ඝර්ම කලාපීය රටක් වීම නිසා විවිධ ඖෂධ වගාකර ඒවා අපනයනය කළ හැකි වුව ද ඒ පිළිබඳ ප්‍රමාණවත් අවදානමක් මෙතෙක් යොමු කර නොමැති බව ද ඩයනා ගමගේ සඳහන් කළා ය.

එහෙයින් කංසා හෙවත් ගංජා වගාව රාජ්‍ය මැදිහත් වීමක් යටතේ වගාකර අපනයනය කර විදේශ විනිමය උපයා ගැනීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බවත් එම මුදලින් රටේ ණය ගෙවා දැමිය හැකි බවත් සඳහන් කළා ය.

යුරෝපානු බැංකුව අනුව ඊළඟ දශකයේ කංසා වෙළෙඳාම 1000%කින් ඉහළ යන අතර 2027 වන විට එය ඩොලර් බිලියන 140ක් බවත් පුරෝකථනය කර ඇති බව ද ඩයනා ගමගේ අනාවරණය කළා ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස