බිත්තර ආනයනයට අවසර දෙන්න! නැත්නම් බේකරි නිෂ්පාදන මිල වැඩි කරනවා!

September 8, 2020 at 7:51 am | by emanisa.lk

බිත්තර ආනයනය සඳහා බේකරි නිෂ්පාදකයන් රජයෙන් අවසර ඉල්ලා තිබේ. කිසිඳු සාධාරණ හේතුවකින් තොරව බිත්තරයක් රුපියල් 22ක මිලක් යටතේ අලෙවි කිරීම හේතුවෙන් බේකරි නිෂ්පාදකයන් ගැටලූ රැසකට මුහුණ පා ඇති බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

ඒ අනුව බිත්තර ආනයනය කිරීම සඳහා බේකරි නිෂ්පාදකයින්ට අවසර ලබාදෙන ලෙස වෙළෙද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සමග ඊයේ (7) පැවති සාකච්ඡාවකදී ඉල්ලීමක් කළ බව සමස්ත ලංකා බේකරි නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන සඳහන් කරයි.

මේ වන විට බිත්තර මාෆියාවක් කි‍්‍රයාත්මක වෙමින් ඇති බවද ඔහු කියා සිටි.

බිත්තර මාෆියාව වැළැක්වීමට බලධාරීන් පියවර නොගතහොත් බේකරි නිෂ්පාදන මිල ගණන් වැඩි කිරීමට ද ඉදිරියේදී සිදුවන බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරිණි.

මේ අතර බිත්තර මිල රු. 2කින් පහත දමන බව පසුගියදා බිත්තර නිෂ්පාදයන්ගේ සංගමය ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස