තිරිඟු පිටි ආනයන බදු රු. 28කින් අඩු කරයි! ගොවි සංවිධානවල විරෝධය පළවෙයි!

December 16, 2019 at 1:58 pm | by emanisa.lk

තිරිඟු ආනයනය වෙනුවෙන් කිලෝවක් සඳහා පනවා තිබූ රුපියල් 36ක බදු රුපියල් 8ක් දක්වා පහළ දැමීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.

දෙසැම්බර් 14 දා සිට බලපැවැත්වෙන පරිදි මෙසේ බදු අඩුකර තිබේ. පසුගිය කැබිනට් රැස්වීමේදී ගත් තීරණයක් අනුව මෙසේ තිරිඟු පිටි සඳහා බදු අඩුකර තිබේ.

දැනට ශ්‍රී ලංකාවට තිරිඟු පිටි ආනයනය කිරීමට අවසර ඇත්තේ සමාගම් දෙකකට වුවත් ඕනෑම අයෙකුට තිරිඟු පිටි ආනයනය කිරිමේ අවස්ථාව ලබාදීමටද රජය අවධානය යොමුකර තිබේ.

මේ සමග තිරිඟු පිටි මිල අඩු වන අතර ඊට සමගාමීව බේකරි නිෂ්පාදන මිල ද අඩු වනු ඇත.

කෙසේ වුවද තිරිඟු පිටි සඳහා වන බදු පහත හෙළීම සම්බන්ධයෙන් ගොවි සංවිධාන මේ වන විටත් තම විරෝධය පළ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *