ගෑස් හිඟය රටම අඩාල කරයි! හොටෙල් ආපනශාලා බේකරි වැසෙයි!

November 5, 2019 at 8:32 am | by emanisa.lk

රටේ පවතින උග්‍ර ගෑස් හිඟය නිසා රට පුරා හොටෙල්, ආපනශාලා 4000කට අධික ප්‍රමාණයක් මේ වන විට වැසී ගොස් තිබේ.

මේ අතර එම ගෑස් හිඟය නිසාම රට පුරා බේකරි විශාල ප්‍රමාණයක් ද වැසී ගොසිනි. මේ නිසා පාන් ඇතුළු බේකරි නිෂ්පාදන හිඟයක් හට ගෙන ඇති අතර මේ කර්මාන්තය ආශ්‍රිතව කටයුතු කළ බේකරි සේවකයන්, බෙදා හරින්නන් ඇතුළු බොහෝ දෙනෙකුට සිය දෛනික ආදායම් අහිමි වී තිබේ.

ගෑස් හිඟය නිසා බොහෝ නිවෙස්වල දෛනික ඉවුම් පිහුම් කටයුතු පවා කරගත නොහැකි තැනට පත්ව ඇති අතර ආපනශාලා වසා දැමීම නිසා පිසූ ආහාර මිලයට ගැනීමට ද නොහැකි තත්ත්වයක් මතුව තිබේ. ඇතැම් ප්‍රදේශවල මිල වැඩිකර පිසූ ආහාර විකුණන බව ද වාර්තා වෙයි.

මේ අතර එජාප මන්ත්‍රී හේෂා විතානගේ පවසන්නේ ගෑස් හිඟය පිටුපස සිටින්නේ පොහොට්ටුව බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස