බෙදුම්වාදීන් මුට්ටිය දමා බලයි! බලය බෙදනවා ආණ්ඩුවට සහාය දෙන බව සුමන්දිරන් කියයි…

May 14, 2020 at 10:31 am | by emanisa.lk

මහ මැතිවරණයට පසු රටට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසා ඇති බවත් එය තමන්ගේ ද මතය බවත් දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්දිරන් පවසයි.

දෙමළ ජාතික සන්ධානයේ අදහස ද එය බවත් දෙමළ ජනතාවගේ ප්‍රශ්නයට ද විසඳුමක් එහි ඇතුළත් විය යුතු බව හෙතෙම පෙන්වා දෙයි.

එහිදී හරියාකාරව බලය බෙදන්නේ නම් ඉන් පසු ආණ්ඩුව සමග එකතු වී කටයුතු කිරීමට තමන් සූදානම් බව ද හෙතෙම සඳහන් කළේය.

අගමැති මහින්ද රාජපක්ෂ සමග (12) පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස