බදුල්ලේදී නිමල් සිරිපාලට හූ තබති!

July 25, 2020 at 4:56 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් මහියංගනයේදී සංවිධානය කර තිබූ රැස්වීමක දී හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාට හූ තබා ඇති බව වාර්තා වෙයි.

මෙම ජන හමුව පැවැත්වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙනි.

බදුල්ල දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණු සියලු අපේක්ෂකයන්ගේ නම් සහ අංක සිහිපත් කිරීමේ දී නිමල් සිරිපාලගේ අංකය සහ නම කියන විට රැස්වීමේ පිරිසක් මෙසේ හූ තැබූ බවත් සඳහන් වෙයි.

ඒ අවස්ථාවේ අගමැති මහින්ද රාජපක්ෂ මැදිහත්වී පිරිස සන්සුන් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස