බදියුදීන් වාහනයෙන් පැන පළා යයි! වාහනේ හොර පිස්තෝල දෙකක්! පොලිස් කණ්ඩායම් 06ක් පසුපස!

October 14, 2020 at 1:48 pm | by emanisa.lk

පුත්තලමේ සිට ඊයේ (13) කොළඹ එමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදියුදීන් සිය වාහනයේ ගුවන්විදුලි යන්ත්‍රයෙන් තමා අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා උපදෙස් දී ඇතැයි යන පුවත ඇසීමත් සමග එකවර ම වාහනය නවතා ඉන් බැස පළා ගොස් තිබේ.

රිෂාද් බදියුදීන්ගේ වාහනය කොළඹට පැමිණි අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර එම අවස්ථාවේදී එහි සිට ඇත්තේ ඔහුගේ රියදුරු සහ මන්ත්‍රීවරයාගේ ඉඩමක් බලා ගන්නා පුද්ගලයෙක් පමණි.

වාහනය සහ ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සතුව එම අවස්ථාවේ බලපත්‍ර නොමැති පිස්තෝල දෙකක් ද තිබී අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර රිෂාද් බදියුදීන්ට පළාගොස් සැඟවීමට උදව් කළ බව කියන ඔහුගේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

එමන්ම රිෂාඩ් බදියුදීන් සමඟ අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි ඔහුගේ අමාත්‍යාංශයේ සේවය කළ හිටපු ගණකාධිකාරිවරයා ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදියුදීන් මෙතෙක් අත්අඩංගුවට ගැනීමට හැකි වී නැති අතර ඔහු සොයා පොලිස් කණ්ඩායම් 06ක් මෙහෙයුම් දියත් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස