බදියුදීන්ගේ පෙත්සම අධිකරණය ඉවත දමයි! නැවතත් මහ උළු ගෙදර යන්න වන ලකුණු!

October 21, 2020 at 10:49 am | by emanisa.lk

පාස්කු ඉරු දින එල්ල කරනු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් යළි අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සහෝදරයෙකු මෙන් ම පෞද්ගලික ලේකම් වූ රියාජ් බදියුදීන් විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය තීන්දු කළේය.

මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබා දුන්නේය.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඬුල්ල සඳහන් කළේ, මෙම පෙත්සම ගාස්තු රහිතව නිෂ්ප්‍රභ කිරීමට තීරණය කළ බවය.

පෙත්සම්කාර රියාජ් බදියුදීන් මහතා කියා අධිකරණය හමුවේ කියා තිබුණේ පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය අප්‍රේල් මස 14 වන දා අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත මාස හයක කාලයක් රඳවා තබා පරීක්ෂණ සිදුකළ බවය.

අදාළ කාලසීමාව තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් විසින් තමන්ට හිමි නිවාස, දේපොළ, ව්‍යාපාර, බැංකු ගිනුම්, තම ජංගම දුරකථන, පරිගණක යනාදිය පිළිබඳව පුළුල් අයුරින් විමර්ශන සිදුකළ බව පෙන්වා දෙන රියාජ් බදියුදීන් මහතා එහිදී තමාට එරෙහිව කිසිදු අපරාධමය චෝදනාවක් තහවුරු කළ හැකි සාක්ෂි අනාවරණය නොවීම හේතුවෙන් තමන්ව අත්අඩංගුවෙන් මුදාහැරීමට එම දෙපාර්තමේන්තුව ක්‍රියා කළ බවද පවසයි.

එසේ තිබියදීත් දේශපාලන හේතූන් මත තමන් යළි අත්අඩංගුවට ගන්නා ලෙස විවිධ පාර්ශව විසින් බලපෑම් එල්ල කරමින් සිටින බව පෙන්වාදෙන පෙත්සම්කරු මේ හේතුවෙන් තමාව යළි අත්අඩංගුවට ගත හැකි බවට සාධාරණ බියක් මතුව තිබෙන බව පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස