ආණ්ඩුවට 19 ඉවත් කරන්න ජනවරමක් ලැබුණත් එය ඉවත් කරන්නේ නෑ! – විජේදාස

October 8, 2020 at 8:13 pm | by emanisa.lk

පසුගිය මැතිවරණයේ දී ආණ්ඩුවට 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට ජන වරමක් ලැබුණු බව පැවසුව ද දැන් එහි හොඳ කොටස් තබා ගෙන 20 වෙනි සංශෝධනය ගෙන එන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ස පවසයි.

20 වෙනි සංශෝධනයෙහි හොඳ දේවල් මෙන් ම අනර්ථකාරී දේවල් ද ඇතැයි මන්ත්‍රීවරයා පවසයි.

ශ්‍රී ලංකාවේ පොලිසිය යහපාලන ආණ්ඩු සමයේ මෙන් ම අදත් දුබලයන්ට නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරන අතර ප්‍රබලයන් ඉදිරියේ නීතිය නමන බවට ද ඔහු චෝදනා කළේය.

තවුහිද් ජමාද් සංවිධානය සමග සබඳතා පැවැත් වූ බවට සාධක ඇතැයි පවසා පොලිසිය මගින් අත්අඩංගුවට ගත් රියාද් බදියුදීන් අනතුරුව අධිකරණ තීන්දුව ද නීතිපති තීන්දුව ද තමන් විසින් ම ගෙන ඔහු නිදහස් කිරීම මගින් එය තහවුරු වන බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස