රියාද් බදියුදීන් වහා ම අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන්න! ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් 100කගෙන් ජනපති අගමැතිට ලිපියක්!

October 9, 2020 at 10:38 pm | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරු රියාජ් බදියුදීන් නිදහස් කිරීමට එරෙහිව ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් 100 දෙනෙකුගේ අත්සනින් යුත් ලිපියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත භාර දී තිබේ.

ඒ ලිපිය භාර දීම සිදුවූයේ අද (09) අරලියගහ මන්දිරයේදීය.

පාස්කු ප්‍රහාරයට ආසන්න දිනයක එහි දී මරා ගෙන මැරුණු බෝම්බකරුවෙකු සමග රියාද් බදියුදීන් සාකච්ඡා කළ බව 2020 අප්‍රේල් 21 දින පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අනාවරණය කළ බව ද සහරාන්ට ඉන්දියාවට පළා යාමට උපකාර කළේ ද රියාද් බව හිටපු හමුදාපතිවරයා ද ප්‍රකාශ කරන බව ද එමගින් පෙන්වා දී ඇත.

එහෙයින් රිෂාඩ් බදියුදීන්ගේ සහෝදරයා නිදහස් කිරීම ගැන පූර්ණ පරීක්ෂණයක් පවත්වා නැවත ඔහු අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස අදාළ මන්ත්‍රී පිරිස ඉල්ලා සිටිති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *