බදියුදීන්ගේ මල්ලි ගැන තිබුණු සාක්ෂි දැන් නෑලු! ඔහු නිදහස් කිරීම පිටුපස ඩීල් එකක් තියෙද සැකයි! – කාදිනල් හිමි

October 3, 2020 at 8:16 pm | by emanisa.lk

පාස්කු ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරු රියාජ් බදියුදීන් නිදහස් කිරිම සම්බන්ධයෙන් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සිය අප්‍රසාදය පළ කරයි.

මෙලෙස පුද්ගලයින් නිදහස් කිරීම කිරීම පිටුපස දේශපාලන ගණුදෙනුවක් ඇතැයි තමන්ට සැක සිතෙන බව
උන් වහන්සේ පෙන්වා දෙයි.

අද (03) පෙරවරුවේ කොළඹ අගදරගුරු නිල නිවසේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මේ බව සඳහන් කළහ.

මෙම පුද්ගලයින්ට විරුද්ධව පැහැදිලි සාක්ෂි තිබෙන බව මාස කිහිපයකට පෙර පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැවසු බවත් දැන් ඊට සපුරා විරුද්ධ ප්‍රකාශ නිකුත් කරන බවත් එහිමියන් පැවසූහ.

පසුගිය සමයේ ඇතැම් කණ්ඩායම් අතර අමුතු ළෙංගතුකම් දැකගත හැකි වූ බවත් පැහැදිලි සාක්ෂි ඇතැයි අත්අඩංගුවට ගත් පුද්ගලයන් අධිකරණ ක්‍රියාවලියකින් තොරව නිදහස් කිරීම දැකගත හැකි වූ බවත් කාදිනල් හිමි පෙන්වා දෙයි.

රියාද් බදියුදීන් සහ ත්‍රස්තවාදී කණ්ඩායම් අතර පැවැති දුරකථන සංවාද පවා තමන් සතුව ඇතැයි කී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැන් සාක්ෂි නැතැයි කීම පුදුම සහගත බව ද කාදිනල් හිමි පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *