මම ලංකාවේ ස්මාර්ට් පාසල් පියා වුණේ 2018! අප්‍රේල් 01 වෙනිදාට ඉසුරු ස්මාර්ට් පියා වෙන්නේ කොහොමද?! – ඇමති හර්ෂ සහ මහ ඇමති ඉසුරු බෝඩ් ලෑල්ලකට මරා ගනී..

March 25, 2019 at 3:52 pm | by admin

තමා විසින් ස්මාර්ට් පාසැලක් ආරම්භ කර තිබියදී, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්මාර්ට් විද්‍යාලය කෝට්ටේ දී ආරම්භ කිරීම සඳහා මුල් ගල් තබන්නේ කෙසේ දැයි ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් කැබිනට් නොවන අමාත්‍ය, ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රශ්න කරයි.

සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් අමාත්‍යවරයා අවධාරණය කර සිටින්නේ 2016 වසරේ දී තමන් මුල් වරට එවැනි පංතියක් ආරම්භ කළ බවත්, 2018 වසරේ දී ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලයේ පළමු ශ්‍රේණිය එලෙස ආරම්භ කිරීමත් සමඟම එවැනි ලංකාවේ ප්‍රථම සුහුරු පාසල බිහි වූ බවය.

එළඹෙන අප්‍රේල් 01 දින මහරගම පුරවරයේ දියත් කිරීමට නියමිත නව සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් පිළිබඳව දක්වා ඇති ප්‍රදර්ශන පුවරුවක ඡායාරූපයක් උපුටමින් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටින්නේ මෙය ලැජ්ජාවට කරුණක් බවයි. මෙයට පෙර පිහිනුම් තටාකයක් පිළිබඳ ඇමති හර්ෂ ද සිල්වා සවි කළ දැන්විම් පුවරුවක් මහත් ආන්දෝලනයට ලක්විය.

 ඇමති හර්ෂගේ ට්විටර් පණිවිඩය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *