පොහොර සහනාධාරයට වඩා මුදලක් ගොවීන්ට වන්දි දෙන්න වෙලා…! කරගත් මහ වැරැද්ද දැනවත් නිවැරදි කරනු…! – විමල් ..

January 29, 2022 at 6:34 am | by emanisa.lk

වාණිජ කෘෂිකර්මාන්ත විනාශ නොකර සිදුවූ වැරැද්ද වහාම නිවැරදි කරගත යුතු යැයි කර්මාන්ත අමාත්‍ය, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ඊයේ (28) පැවසීය.

රටේ වාණිජ කෘෂිකර්මාන්තය සමඟ සෙල්ලම් කිරීම නොකළ යුතු බවත්  වාණිජ කෘෂිකර්මාන්තය බිඳවැටුණ හොත් ආහාර සුරක්‍ෂිතාව බිඳ වැටෙන බවත් අමාත්‍යවරයා කීය.

කෘෂිකර්මාන්තය පිළිබඳ ප්‍රශ්නය ඉතාම සංවේදී එකක් බව කී අමාත්‍ය විමල් විරවංශ පොහොරවල හෝ මොනයම් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකට උත්තර සෙවිය යුත්තේ කෘෂිකර්මාන්ත කඩා බිඳවැටෙන ආකාරයට නොවන බව ද සඳහන් කළේය.

කාබනික පොහොර ප්‍රවර්ධන කිරීමේ ගැටලුවක් නොමැති මෙන්ම ගොවියාව ගොවිතැනින් පළවා හරින්න ඉඩ දිය නොහැකි බවත් මුළුමහත් මිනිස්සුනගේ බඩගින්නත් සමඟ ආහාර සුරක්‍ෂිතතාව ගැටගැහී තිබීම නිසා වාහාම නිවැරදි නොවුණ හොත් රට මහා විශාල ඛේදවාචයකට මුහුණ දෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

සිදුවූ අඩුපාඩුව හඳුනාගෙන දැන්වත් එය නිවැරදි කළ යුතු බවත් ඉන්දියාවේ මෝදි අග්‍රාමාත්‍යතුමා ගෙනාපු පනත් දෙකක් ගෙවියන්ගේ විරෝධතා නිසා හකුලා ගැනීම අභිමානයට කැළලක් නොවන බවත් අමාත්‍යවරයා කීය.

වාණිජ කෘෂිකර්මාන්තය බිඳ වැටීමට තුඩුදුන් හේතු වාහාම නිවැරදි කරන්න කළ යුතු බව කී අමාත්‍යවරයා පැවසුවේ වැරැද්ද නිවරදිකරගන්න ලැජ්ජ නොවිය යුතු මෙන්ම වැරැද්ද තව දුරටත් නිවැදි කියලා හිතා තව දුරටත් අපේ වාණිජ කෘෂිකර්මාන්තයත් එක්ක සෙල්ලම් කිරීම පිළිබඳව ලැජ්ජ වියයුතු බවත්ය.

පොහොර සහනාධාරයට ලබාදීමට වැයවන මුදලට වඩා වැඩි මුදලක් ගොවීන්ට වන්දි ගෙවීමට වැය වන බව කී අමාත්‍යවරයා කරගත් වැරැද්දේ තරම ඉන් පෙනෙන බව ද සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස