ආණ්ඩුව භෝග හානියත් සමග පියවරක් පසුපසට..! රසායනික පොහොර සහ කෘෂි රසායන ආනයනයට අවසර….!

November 21, 2021 at 11:37 am | by emanisa.lk

වී, බඩඉරිඟු, එළවලු ඇතුළු අත්‍යවශ්‍ය කෘෂි භෝග සඳහා අවශ්‍ය කෘෂි රසායන ආනයනය කිරීම සඳහා අවසර ලබා දී තිබේ.

මහ කන්නයේ වගා කටයුතු සඳහා වර්ෂාවෙන් එල්ල වූ බලපෑම් සලකා බලා ඉහළ ප්‍රමිතියෙන් යුත් ශාඛ පෝෂක සහ කෘෂි රසායන ගෙන්වීම සඳහා මෙම තීරණයට එළඹ තිබේ.

කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්, මහාචාර්ය උදිත් ජයසිංහ පවසන්නේ කෘෂි රසායන කඩිනමින් ආනයනය කර ගොවීන් අතට පත් කිරීමට කටයුතු කරන බවයි.

ඒ අනුව ඉදිරි සති දෙකක කාලය තුළ කෘෂි රසායන ගොවීන් අතට පත් කරනු ඇත. තේ, පොල්, රබර් ඇතුළු ආනයනික ද්‍රව්‍ය වගා කටයුතු සඳහා අවශ්‍ය කෘෂි රසායන ආනයනය සඳහා මේ වන විටත් බලපත්‍ර නිකුත් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *