අපේ ආණ්ඩුවක් පත් වූ සැණින් රසායනික පොහොර ගේනවා…! – සමගි ජන බලවේගය…

September 3, 2021 at 7:24 am | by emanisa.lk

තම ආණ්ඩුවක් බිහි වූ සැණින් යළි රසායනික පොහොර ගෙන්වීම ආරම්භ කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී. අලවතුවල පවසයි.

කාබනික ගොවිතැන කැමැත්තෙන් සිදු කරන පිරිසට ඉන් බාධාවක් නැතැයි ද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

තම ආණ්ඩුව යටතේ ග්ලයිෆොසේට් තහනම් කළ බවත් කාබනික ගොවිතැන සඳහා යා යුත්තේ ක්‍රමානුකූලව බවත් ඔහු අවධාරණය කරයි.

නො එසේ නම් ගොවියාට දැඩි අසාධාරණයක් වන බවත් කෘෂි අපනයන ආදායම් අහිමි වන බවත් ආහාර සුරක්ෂිතතාව බිඳ වැටී රටේ ආහාර හිඟයක් ඇති වන බවත් හෙතෙම පෙන්වා දෙයි.

මෙම රසායනික පොහොර තහනම දිගට ම ක්‍රියාත්මක වුවහොත් ජනකාව කන්න නැතිව මැරෙන තත්ත්වයට පත්වනු ඇතැයි ජේ. සී. අලවතුවල අනතුරු අඟවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස