ආණ්ඩුව අවශ්‍ය අවස්ථාවල නම්‍යශීලී වෙනවා…! තේ වගාව සඳහා රසායනික පොහොර ඇනවුම් කළා…! – වැවිලි ඇමැති…

November 20, 2021 at 3:10 pm | by emanisa.lk

තේ වගාව සඳහා අවශ්‍ය රසායනික පොහොර ආනයනයට පියවර ගෙන ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසයි.

අද (20) පාර්ලිමේන්තුවේදී යොමු වූ පැනයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

“බොහෝම පැහැදිලි සහතිකයක් අපි ලබාදීලා තියෙනවා. තේ වගාවට අවශ්‍ය පොහොර ඇනවුම් කරලා තියෙනවා. දැන් ලැබෙමින් පවතිනවා. ගිය වසරට සාපේක්ෂව දැනටමත් අපේ පුරෝකතනයට අනුව තේ වගාව ගිය අවුරුද්දේ මේ රටේ නිෂ්පාදනය වුණේ තේ කිලෝ මිලියන 280යි. දැනටමත් ඒ ප්‍රමාණය ඉක්මවා ගොස් තියෙන්නේ. මේ අවුරුද්දේ කිලෝ 310ක ප්‍රමාණයක් බලාපොරොත්තු වෙනවා. පොහොර පිළිබඳ ගැටලුවක් නෑ.

ඉතිහාසයේ වැඩි ම අපනයන ආදායම පොල්වලින් ලැබෙන්නේ මේ අවුරුද්දේ. අපිට ඩොලර් බිලියනයක ආදායමක් ලැබෙනවා. රබර්වල ඉතිහාසයේ වැඩි ම අපනයනය ආදායම ලැබෙන්නේ මේ අවුරුද්දේ. ඩොලර් බිලියනය ඉක්මවා ගිය ආදායමක්. අපනයනය කෘෂි භෝග අංශයේ වැඩි ම ආදායම ඉතිහාසයේ ලැබෙන්නේ මේ අවුරුද්දේ ඩොලර් මිලියන 800ක ආදායමක් ලැබෙනවා. තේවල ආදායම වැඩිවුණේ නැති වුණාට ස්ථාවර මට්ටමක තියෙනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *