අවසර දුන්නේ කාබනික පොහොරවලට….! රසායනික පොහොරවලට කිසිදු අවසරයක් නෑ….! – මහින්දානන්ද….

August 4, 2021 at 9:00 am | by emanisa.lk

මහ කන්නයේ භාවිතය සඳහා නයිට්‍රජන් සහ පොටෑසියම් අඩංගු ස්වාභාවික කාබනික පොහොර ආනයනය කිරීමට අවසර ලබා දෙමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහ පොහොර ලේකම් කාර්යාලයේ නිර්දේශ මත ආනයන බලපත්‍රයක් යටතේ පමණක් මෙම ආනයනයට ඉඩ දී තිබේ.

වී නිෂ්පාදනයේ අඩුවක් විය නොහැකි බැවින් කාබනික නයිට්‍රජන් එක්ස්ට්‍රෑක් එකක් ගෙන්වීමට පමණක් ඉඩ ලබා දුන් බවත් ආණ්ඩුව කිසිසේත් රසායනික පොහොර ආනයනය කිරීමට තීන්දුවක් ගෙන නොමැති බවත් කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

රසායනික පොහොර තහනම දිගට ම ක්‍රියාත්මක වන බවත් අවසර ලබා දී ඇත්තේ කාබනික පොහොර ගෙන්වීමට බවත් කී ඇමැතිවරයා, මේ සම්බන්ධයෙන් වැරදි ප්‍රචාරයක් සමාජගත වෙමින් තිබෙන බවත් කීවේය.

කෘෂි රසායනික සහ පොහොර වර්ග ආනයනය තහනම් කරමින් රජය විසින් ඉකුත් මැයි මස 06 වන දා ගැසට් නිවේදනයක් නිකුත් කළේය. අතර ඉදිරි කන්නය සඳහා අවශ්‍ය කාබනික පොහොර සමස්ත ප්‍රමාණය නිපදවීම අපහසු බැවින් මෙම තීරණය ගෙන තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *